දැරිය හැකි මිලකට අලංකරණ උපදෙස්
· මිනිත්තු 1 ක කියවීම

හරි, මෙය ලස්සන, පොහොසත් ආකාරයේ නිදන කාමරයක්. නමුත් ඔබ මෙය වෙනත් දෘෂ්ටියකින් බැලුවොත්, මේ කාමරයේ මිල අධික කිසිවක් නැත. ඔබ අභ්‍යන්තර සැරසිලි ශිල්පියෙකු කුලියට ගත්තොත්, ඔහුට/ඇයට රු. 1-ලක්ෂයකට නොඅඩු මුදලක් ගෙවීමට සිදුවේ!!!!
හරි, ඔබ මා සමඟ එකඟ වේදැයි බලමු,
- තීන්ත ගැසීම රු. 4,000/- (ඔව්, ඔබටම තීන්ත ගැසිය හැක)
- ඒ පින්තූර රාමු රු. 1,500/- සිට රු. 2,000/- දක්වා කියා මම කියමි (ඔබට අපූරු රාමු සාදන නිර්මාණශීලී කෙනෙකු අවශ්‍ය නම් මා හා සම්බන්ධ වන්න) - අවසාන වශයෙන් තිර රෙදි සහ ඇඳ ඇතිරිලි! (දෙවියනේ, ඔබේ අභිමානය පසෙකින් තබා 138 මාර්ගයේ බස් රථයට ගොඩ වී මහරගම, පාමුණුව හන්දියේ බසින්න. මේ සියල්ල කිරීමට හොඳ රෙදි ලැබෙන ස්ථාන බොහොමයක් ඔබට හමුවේ. වඩාත්ම හොඳ දේ නම් එම ස්ථානයේම ඒවා මසා ගත හැකි වීමයි. ඔබ රථයකින් යන්නේ නම් එහි වාහන නැවැත්වීමේ ඉඩ අඩු බව මතක තබා ගන්න.
ඉතින් මුළු දේම රු. 20,000/- පමණ වේ. මෙම සමයේ ඔබට හැමදාම සිරි ගජවාසි! සුභ පැතුම් :)
